Prevent snake bite and ..සර්ප සපා කෑමකදී කළ යුතු නොකළ යුතු දේ

venomous animals

සර්ප දෂ්ටණයෙන් වැලකීමටනම්

1.රාත්‍රී කාලයේ ගමන් සඳහා සෑම විටම විදුලි පන්දමක්  භාවිතා කරන්න.
2.කෝටුවකින් පොළොවට පත්තු කරමින් ශබ්ද නැගෙන සේ ඇවිදින්න, සපත්තු හෝ බූට් පළඳින්න.
3. අපරික්ෂාකාරී ලෙස හුඹස් වලට හෝ ගස් බෙන වලට අතපය නොදමන්න.
4. නිවස අවට ඇති දර  කොටන් ගල් වැනි දෑ ඉවත් කර හැකි පමණ පිරිසිදුව තබාගන්න.
5. මියගියා සේ පෙ⁣නෙන සර්පයකුට වුවද පණ තිබිය හැකි බැවින් කිසිම මොහොතක සර්පයින් අතින් ඇල්ලීමෙන් වලකින්න

ප්‍රථමාධාර

1. රෝගියාගේ බිය තුරන් කරන්න.
2. හුස්ම ගැනීමට අපහසු නම් රෝහලට රැගෙන යාමට පෙර කෘතිම ස්වසනය ලබා දෙන්න.
3. දෂ්ඨ කළ ස්ථානය (අත කකුල) නොසෙල්වන සේ තබා ගන්න.
4. දෂ්ඨ කළ ස්ථානය සබන් යොදා ගලා යන කලා යන පිරිසිදු ජලයෙන් සෝදන්න.
5. රෝගියා පැළඳ සිටින ආභරණ ඇත්නම් ඒවා ඉවත් කරන්න.
6. නොපමාව රෝගියාව රෝහලට රැගෙන යන්න

නොකළ යුතු දෑ

1. දෂ්ඨ කළ ස්ථානය මුඛය තබා ඉරීම හෝ කැපීම නොකරන්න.
2. තුවාලයට  ඉහලින් හෝ පහලින් වෙලීම නොකරන්න.
3. නස්න කිරීමෙන් වලකින්න.
4. මද්‍යසාර,තැඹිලි,පළතුරු යුෂ,බීමට නොදෙන්න
5. දෂ්ට කළ සර්පයා සෙවීමට සහ විවිධ අත් බෙහෙත් කිරීමට කාලය මිඩංගු නොකරන්න. 

Leave a Reply