හස්බන්ඩ් ෂොපින් යන්න අකමැති ඇයි විද්‍යාත්මක විග්‍රහයක් Why Husband Fed Up With Wife Shopping

Psychology

සාප්පු සවාරි, එහෙමත් නැත්නම් shopping  යනව කීවම ඇයි පිරිමි අපේ ඇඟ හිරිවැටෙන්නෙ ,  ඒක ඇහුවාම පිරිමි අපිට ඇතිවන හැඟීම කොහොමද, ඇයි පිරිමි  අපිට සාප්පු සවාරි මෙතරම් ඇලජික්, මේ ලිපියෙන්  ඔයාලට මම ඒක ගැන කියල දෙන්න යන්නෙ,

විනාඩි 8ක් වැනි කුඩා කාලයකදී, පිරිමියෙකුට පුලුවන්  පාවහන් ජෝඩු 02ක්, මේස් ජෝඩු 02ක්,කලිසම් 02ක් ,කමිස 02ක් , බඳ පටියක් මිලදී ගන්න.ඒවගේම ඒ ඇඳුම් ප්‍රමාණය ඔහුට එක වසරක් සඳහා හොඳටම ප්‍රමාණවත්,ඒ වගේම පිරිමියෙකුට පුලුවන් විනාඩි 30ක් 40ක් වගේ වෙලාවකදි, මුලු පවුලටම අවශ්‍ය අවුරුදු තෑගි මිලදීගන්න,ඒකත් තනියම.
⁣මිනිසුන් හා ගැහැනුන් පරිනාමය ඌ ආකරයේ වෙනස් කම ඔවුන් අතර ඇති එකිනෙක වෙනස් පුරුදු වලට ප්‍රධානම හේතුවකි.
පිරිමින් අතීතයේදී දඩයක්කරුවන් ලෙසට ජීවත් විය, එහිදී කිසියම් ඉලක්කයක් වෙත සෘජු රේඛාවක් ඔස්සේ 1 ස්ථානයේනයේ සිට 2 වන ස්ථානය දක්වා ලඟා වීම ඔවුන්ගේ චරියාවයි, නමුත් සාප්පු සවාරියකදී එසේ තම බිරිඳ, පෙම්වතිය හෝ යෙහෙළියක් සමඟ ඒක රේඛීව ගමන් කිරීමට කිසිසේත්ම කල නොහැකි ක්‍රියාවකි. එහිදී කාන්තාවන්ගේ සිග් සැක් ගමන  පිරිමියා දැඩි අසීරුතාවටකට පත්කරයි, දිශාව වෙනස් කර ඇවිදීමට ඔහු පුරුදු වී නැත. තවද කලිසමක් මිලදී ගැනීමට ඔහුට අවශ්‍ය නම් ඔහු එම ඇඳුම් තිබෙන කාමරය, රාක්කය හා තමාට අවශ්‍ය මෝස්තර   පවා ඉවෙන් මෙන් දනී.එසේ වන්නේ ඔහු පරිමාණමය වී ඇත්තේ කෙටිම මර්ගය ඔස්සේ ඉලක්යට ගොස් සතුන් දඩයම් කර හැකි විගස ආපසු තම ගුහාවට හෝ නිවසට පැමිණිමටය.
නමුත් කාන්තාවකට සෙනඟ පිරී ඉතිරී ගිය සාප්පු සංකීර්ණය සෙනඟ පීරමින් සිග් සැග් ක්‍රමයට ඇවිදිමින් ඇඳුම් ආයිත්තම් තොරාගැනීම සාමාන්‍ය කටයුත්තකි.
    ගැහැනිය අතීතයේ පරිනාමයට භාජනය වී ඇත්තේ,  පිරිමියා දඩයමේ ගිය  පසු ගුහාවෙන් හෝ නිවසින් පැමිනෙන්නේ  තවත් ගැහැනුන් පිරිසක් සමඟ  නිශ්චිත නොවු කිසියම් කාර්යයක් සඳහා දවසම ගෙවා දැමීමේ අරුමුනෙනි, ඔවුන් පිටතට පැමිණියේ ආහාර සොයානම්, එය තිබෙන තැනක් ඔවුන් දැන සිටියේ නැත, එය තවත් ගැහැනියකගේ මතකයේ රැදුනු තැනකටය.එමනිසා ඔවුන්ට නිශ්චිත ඉලක්කයක් ,ගමනාන්තයක් ,දිසාවක් හෝ කාල සීමාවක් නොවීය. ඔවුන් දවස පුරාම තම අතට හසුවන සියල්ලම ඉවකරමින් තමන්ට රුචි දෙය පමනක්  තැන තැන ඇවිදමින් සෙවු අතර දිනය අවසානයේ රැස්කරගත් දෙයක් නැති වුවත් ඒමොහෙතේ අතට හසුවන දෙය රැගෙන ගුහා කාරා පැමිණියාය, නමුත් එම ගමන් වලදී අදාල නැති මාතෘකා දොඩවමින් සැහැල්ලුවෙන් විනෝදායන් ගත කල ආකාරය ගැන ඔවුන් වින්දනයක් ලැබීය.
මෙය පිරිම්යෙකුට කිසි සේත්ම අනුගත විය නොහැකි කාර්යයකි. තවත් සිත් ගන්නා සුලු දෙයක් නම් පිරිමියෙකුට එකි නෙකට වෙනස්  පැහැයන් 150ක් පමණ හඳුනා ගැනීමට හැකියාව තිබුණත්,ගැහැනියකට විවිධ වර්ණ 700ක් පමණ එක විට හඳුනා ගත හැක. සාප්පු සවාරිවලට  සහභාගී වන පිරිමි සමහර අවස්ථාවලදී දැඩි ආතතියකට පත්වන අතර එය ඔවුන්ගේ සෞඛ්‍යයට පවා බල පෑ හැකිය.
පිරිමියෙක් ගැහැනියකට ඇඳුමක් මිලදී ගතහොත් ගැහැනුන්  බොහෝ විට පවසන්නේ එය අවලස්සන බවයි, එහි පාට අඳුරු බවයි. අවුරුදු දහස් ගනන් තිස්සේ ගැහැනිය සෑම විටම අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා( තම වර්ගයා බෝකර ගැනීමට පිරිමි සතෙකු ආකර්ෂණය කරගැනීම) ඇඳුම් ලබාගත් අතර පිරිමියා සෑම ව්ටම දඩයමේ යෙදීමේදී වන සතුනට නොපෙනෙන ලෙස⁣ට අදුරු පැහැ ආයිත්තම් වලින් සැරසුණු අතර කොටින්ම පිරිමින්ට ඇඳුමේ පැහැය කිසිසේත්ම අදාල ඌවේම නැත.
පිරිමියෙක් කාන්තාවක් සමග සතුටින් සාප්පු සාවාරියකට එක් වන්නෙ උපරිම විනාඩි 20කට 30කට පමණි, ඉන් පසු එළඹෙන සෑම විනාඩියක් පසාම ඔහුගේ ආතතිය වැඩිවීමට පටන් ගනී, බිරිද fiton කාමරයේ සිට ඇය ඇඳ සිටින ඇඳුමේ ගුනදොස් විමසන විට ඔහු ඉතා අපහසු තාවයකට පත්වේ එම අවස්ථාවේදී ඔහු සිටින්නේ ආතතියෙන් නම්, ඔබගේ ඇඳුමේ පැහැය පවා ඔහුට හරිහැටි නිර්ණය කිරීමේ හැකියව ගිලිහී ගොස් තිබිය හැක.
ඔබ සැමියා සමඟ සාප්පු සවාරි යන්නේ නම් ඔබ ගතකරන කාලය අනුව ඔහුට වතුර බෝතලයක් , ඔහු කෑමට කැමති, බයිට් පැකට් එකක් වැනි දෙයක් ඔහුහට ලබාදෙන්න, එමෙන්ම ඔබ සාප්පු සවාරිය සඳහා තෝරාගන්නා ස්එානය ආසන්නයේ ඔබගේ සැමියා කැමති ආකාරයේ ආහාර පානාදිය හෝ computer games ,එසේත් නොමැතිනම් පොත් සාප්පුවක් තිබෙන  තැනක් තෝරාගන්න, එවිට ඔබගේ පුමාදයෙන් ඔහුට  ආතතිය ඇතිවේ නම් ඔහු කැමති ස්ථානයක කල්ගෙවිය හැක.

උපුටාගැනීම : Allan Pease -Why men don’t have a clue & Women always need more shoesm 2002 first edition
කෘතිය ඇසුරෙනි, 

Leave a Reply