වෙද මහතාගේ කොරෝනා ඖෂධයට අනුමැතිය නැත. Aurvedic COVID-19 drug not approved

Infectious Diseases

ආයුර්වේද වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද corona19 virus සඳහා බෙහෙත සෞබ්‍ය අමාත්‍යාංශය මගින් අනුමත නොකරන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා විසින් මේ බව ප්‍රසිද්ධ පුවත්පතකට ප්‍රකාශ කරන ලදී. ඖෂධ අධිකාරිය හෝ ආහාර අධිකාරිය මගින් මෙම ඖෂධය මෙතෙක් හඳුනාගෙන නොමැත.

එසේම ආයුර්වේද කොමසාරිස් තුමා වන චතුර කුමාරණතුංග මහතා ප්‍රකාශ කරන ලද්දේ ධම්මික බණ්ඩාර වෛද්‍යතුමා ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවන බවයි. කෙසේ නමුත් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් නො වී ඇති බවත් ඒ අනුව පරීක්ෂණ කටයුතු සිදු නොවන බවත් ඔහු සඳහන් කළේය. පෙරේදා දිනයේදී අති මහත් ජනකායක් මෙම ඖෂධය ලබාගැනීම සඳහා කෑගල්ලේ ඔහුගේ වාසස්ථානයට එක්රොක් වීම නිසා කොරෝනා වෛරසය පැතිරීමේ අවදානමක් ඇතිවිය.

එසේම සෞඛ්‍යය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි හා වෘත්තීය කටයුතු රාජ්‍ය ඇමති වෛද්‍ය සීතා අරඹේපොළ සහ covid-19 වසංගත රෝග හා සම්බන්ධ වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය මෙම පානය පරික්ෂා කර බැලූ බව වාර්තා විය. එසේම මේ වන තුරු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙම ඖෂධය සඳහා කිසිදු අනුමැතියක් සහතිකයක් ලබාදී නැති බව වෛදය හේමන්ත හේරත් මහතා පවසා ඇත. එසේම ඔහු පවසා සිටියේ ඕනෑම නිෂ්පාදනයක් ඖෂධයක් සඳහා නම් ඖෂධ අධිකාරිය මගින් අනුමත කළ යුතු අතර ආහාරයක් නම් ආහාර අධිකාරිය මගින් අනුමත කළ යුතුය.

මෙම ඖෂධය ආහාර ද්‍රව්‍ය මඟින් නිෂ්පාදනය කර ඇති බව හඳුනාගෙන ඇති අතර නමුත් එය කිසි ලෙසකින් ආහාර ද්‍රව්‍ය හෝ ඖෂධයක් ලෙස මෙතෙක් හඳුනාගෙන නොමැත.කෙසේ නමුත් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ ඕනෑම පුද්ගලයකුට අවශ්‍ය දෙයක් හෝ ආහාර නිෂ්පාදනයක් සඳහා අනුමැතිය ලබාගත හැකි වෙනත් රාජ්‍ය යාන්ත්‍රණ ඇති බවයි.එම වෛද්‍යවරයාට එවැනි අනුමැතියක් ලබා ගත හැකි අතර එවැනි අනුමැතියක් ලබාගෙන තිබේ දැයි මම නොදනිමි අපට එවැනි තොරතුරු නොමැත මට ශේෂයෙන්ම තහවුරු කළ හැක්කේ එකම දෙය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් එය ඖෂධයක් හෝ ආහාරයක් ලෙස අනුමත කර නොමැති බවයි. එසේම වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ බලයලත් ආයතන මගින් වෙනත් ආකාරයක ප්‍රතිකාරයක් corona virus යට ප්‍රතිකාර ලෙස අධ්‍යනය කරමින් පවතින බවයි.

2020-12-09 Wijaya Sri Bandara

daily mirror online -2020-12-09

One thought on “වෙද මහතාගේ කොරෝනා ඖෂධයට අනුමැතිය නැත. Aurvedic COVID-19 drug not approved

Leave a Reply