මද්‍යසාර නොහොත් අරක්කු ගද ඇයි

News

මොනවද මේ මද්‍යසාර කියන්නෙ, ඇයි අරක්කු බීපුවාම ගඳ ගහන්නෙ,මේව එදිනෙදා ජීවිතයෙ අපට තියෙන ගැටලු, අද අපි ඔයාලට කියාදෙන්න යන්නෙ ඒ ගැන තමයි.
මත්පැන් හෝ මත් පැන් අඩංගු ඕනෑම පානයක් ගත් විට මුඛයෙන් සහ ශරීරයෙන් මත්පැන් ගඳ වහනය වීම දකින්නට ලැබේ.මෙහිදී මත්පැන් යන වචනය වඩාත් උචිතව යොදා ගන්නේ ඊතයිල් මධ්‍යසාර යන රසායනික සංයෝගය වෙයි.
මද්‍යසාර යනු පවුලකි. එය( alcohol) යන සමූහ වචනයෙන් රසායන විද්‍යාවේ හැඳින්වේ.එම පවුලේ පළමුවැන්නා මීතයිල් මධ්‍යසාර(Methyl)ලෙස හඳුන්වයි.එය පානය කළ නොහැක. පානය කළහොත්  ඇස් අන්ධ වීම සහ මරණය අනිවාර්යයෙන් සිදුවෙයි.
  පවුලේ දෙවැන්නා ඊතයිල් ( Ethyl)මද්‍යසාරය ලෙස හඳුන්වයි. එය පානය කළ හැක. පානයට ගන්නා මත් බීම වල විශාල වශයෙන් අඩංගු වන්නේ ඊතයිල් මධ්‍යසාර යයි. පානය නිසා ඇබ්බැහිවන ද්‍රව්‍යයකි.
ප්‍රමාණය ඉක්මවූ විට ඒ ද විසක් ලෙස ක්‍රියා කරයි.
  දෙවැන්නා ප්‍රොෆයිල්(Profile) මධ්‍යසාර ලෙස ද ලෙසද සිව්වැන්නා බියුටේන්(Butane) මධ්‍යසාර  ලෙස ද ලෙසද පස්වැන්නා එමයිල් මධ්‍යසාර ලෙසට ද හැදින්වෙයි.
  බොහෝ මධ්‍යසාර සංයෝගය ජනිත වන්නේ යීට්ස් නම් ඒක සෛල දීලිර,සරල සීනි මත වැඩිම  හේතුවෙනි.මෙම සෛල වැඩීම සඳහා ශක්තිය ලබාගන්නේ ග්ලුකෝස් නම් සරල සීනි අනුව බිඳ දැමීමෙනි. ඉන් ලැබෙන අතුරුපලයක් ලෙස මද්‍යසාර ජනිත වෙයි. ඒ ඒ යීට්ස්  වර්ග අනුව  ජනිත වන මද්‍යසාර අනු වර්ගද වෙනස්වෙයි. පානයට ගන්නා ඊතයිල් මධ්‍යසාර ජනිත කරනු  ලබන්නේ
සැකරොමයිසිස් සෙරවිසි(Saccharomyces cerevisiae) නම් යීට්ස් වර්ගය විසිනි.සාමාන්‍යයෙන් පාන් පිපීමට යොදා ගන්නේ මෙම යීට්ස්  වර්ගයයි. එයින් අතුරුඵලයක් ලෙසට  කාබන් ඩයොක්සයිඩ් වායුව ජනිත වෙයි. පිටි මෝලිය තුළ රැඳෙන මෙම වායුව නිසා පිටි පිපීම ඇතිවෙයි. මෙලෙස හිර හිරවුණු වායු බුබුලු  පිළිස්සීමේදී   පිටව ගියත් එම සිදුරු ඉතිරි වෙයි. සිදුරු ප්‍රමාණය වැඩි නම් පාන් ගෙඩියේ මෘදු සහ සුමට භාවයද  වැඩි වෙයි.
නීත්‍යානුකූල මත්පැන් නිෂ්පාදනයේ දී විශේෂ ක්‍රියා කීපයක් අනුගමනය කෙරේ, පෙරීම  ආරම්භයේ දී පළමුවෙන් වාෂ්ප වී ඉවතට  එන්නේ මීතයිල් මධ්‍යසාර වෙයි. එය ඉවත් කර ගනු ලැබේ. ඊළඟට එළියට එන්නේ ඊතයිල් මධ්‍යසාර කොටසකි, පානයට ගන්නේ එම කොටසයි, උෂ්ණත්වය  පාලනය කිරීමෙන් මෙය නිසි ලෙස පාලනය කරනු ලැබේ.
උෂ්ණත්වය ඉහළ යත්ම ඊට ඉහල     මධ්‍යසර අණු එළියට එයි, ඒවා සමූහයක් වශයෙන් වෙනම එකතු කෙරේ.
බොහෝ හොර මත්පැන් නිෂ්පාදනයේ දී මෙම කොටස් කිරීම කරනු නොලැබේ. ආරම්භයේ සිට අවසානය දක්වා හැකි තරම් මත්පැන් වර්ග එකතු කෙරේ. මෙය පානය  කරන්නන්ට අහිත ලෙස බලපායි. මීතයිල් මධ්‍යසාර තදබල හිස කැක්කුමක් ඇති කරයි මාත්‍රාව වැඩි නම්  ඇස් අන්ධ වෙයි.මෙයට ද එක් විද්‍යාත්මක හේතුවක් ඇත . මීතයිල් මධ්‍යසාරය ව්‍යුහය වෙනස් වී ෆෝමැල්ඩිහයිඩ්( Formaldehyde ) නම් සංයෝගය බවට පෙරලෙයි,එය දෘෂ්ටි ස්නායුව තුළ  තුළ සංඥා ගමන් නවතා දමයි.භෞතික වශයෙන් ඇස හොඳින් තිබුණත් පෙනීමත් නැත.
   ප්‍රොෆයිල් ,බියුටයිල්  සහ එමයිල්  මද්‍යසාර ශරීර සෞඛ්‍යයට අහිතකර ලෙස බලපායි. තද කැස්සක් ඇතිවීම ඉන් ලැබෙන එක් ප්‍රතිඵලයකි. හොර මත්පැන් පානය කරන අයගේ නිතර කැස්සට මෙය හේතුවෙයි. නීත්‍යානුකූල මත්පැන් කර්මාන්තයේ දී මෙම ඉහළ සංයෝගය එකතු කර ඒවා සුවඳ විලවුන් නිපදවීමට යොදා ගනු ලැබේ. උදාහරණයක් ලෙස ඉඳුණු  කෙහෙල්ගෙඩි වලින්  වහනය වන්නේ එමයිල් ඇසිටේට්(    Email Acetate)   නම් රසායන සංයෝගයයි, එය  නිපදවන්නේ එමයිල්  මධ්‍යසාර සහ අැසිටික්අම්ලය(Acetic acid )    ප්‍රතික්‍රියා ගැනීමෙනි.
ශ්‍රී ලංකාවේ රා වලින් මත්පැන් නිපදවීමේදී මත්පැන් ජනනය සඳහා යොදාගන්නේ වල් යීට්ස්  වෙයි. ඒවා වර්ග කිහිපයක මත්පැන් සංඝටක නිපදවයි.එහෙත්  නීත්‍යානුකූල බියර් ,විස්කි,වොඩ්කා,සකේ හෝ මිදි වලින් වයින් නිෂ්පාදනයේ  පිරිසුදු සැකරොමයිසිස් සෙරවිසේ(  Saccharomyces cerevisiae)නම් යීට්ස් වර්ගය යොදාගනු ලැබේ. ඉන්නේ උපදවන්නේ පිරිසිදු ඊතයිල් මධ්‍යසාර පමණි.
  කුමන වර්ගයක මත්පැන් පානය කළ ද පානය කළ තැනැත්තාගේ ඇඟෙනිසහ ප්‍රශ්වාස වාතයෙන් පිට වන්නේ එකම මත්පැන් ගඳකි.ඇත්ත වශයෙන් යමක් මත්පැන් පානය කළ බව දැනගන්නේ මෙම වහනය වන මත්පැන් වාෂ්ප  හේතුවෙනි.එහි ප්‍රධාන වශයෙන් ඇත්තේ ඊතයිල් මධ්‍යසාර යයි.  මත්පැන් පානය කළ රියදුරන් පරීක්ෂා කිරීමේ දී ප්‍රයෝජනයට ගන්නේ මෙම මධ්‍යසාර වාෂ්පයයි.වීදුරු නළයකට දමා ඇති අති විශේෂ රසායනක ස්පඨික වර්ගයකට  මෙය සංවේදී වෙයි. පළමුව ඇත්තේ නිල්පාට වර්ණයකි.එය තුළින් මත්පැන් ගමන් කරන විට එය දම්පැහැයට හැරෙයි. මත්පැන් ප්‍රමාණය  වැඩිනම් වර්ණය ද වැඩිවෙයි. දාඩිය මගින් ද මත්පැන් පිටවෙයි.එහෙත් වැඩා ප්‍රමාණයක් පිට වෙන්නේ පෙනහල්ලට එකතු ප්‍රශ්වාස වාතය මගිනි.
  මත්පැන් අඩංගු අරිෂ්ට වර්ග ආයුර්වේදයේ ඇත. සාමාන්‍යයෙන්  කසාය වට්ටෝරුව උණුකර නියම අනුපාතයට කසාය පෙරා වක් කරගනු ලැබේ. ඉන්පසු එය පැසවීමට භාජනය කරනු ලැබේ. මෙහිදී සීනි මීපැණි  ආදිය මැටි භාජනයක දමා මැටි ගසාකට වසා මාසයක් පමන කල් පැසවීමට භාජනය කෙරේ. විශාල පරිමාණයෙන් කරන්නේ නම් හල්මිල්ල පීපපවල පල් කිරීම ආරම්භ කරනු ලැබේ. මෙම ක්‍රියාවලියේදී සීනි හා මී පැණි යීට්ස් කඩා බිඳ දමා ඊතයිල් මධ්‍යසාර නිපදවයි. එය 10%  ප්‍රමාණයකි.  පැසවීමේ උදව්වට බොහෝ අරිෂ්ට වලට මලිත මල් එකතු කරනු  ලැබේ. ඒය ඖෂධය නොව උත්පේරකයකි.ආයුවේදයේ ඉගැන්වීම්වලට අනුව අරිෂ්ටයේ ඇති මධ්‍යසාර ඖෂධ වර්ග ශරීරයට උරා ගැනීම ඉක්මන් කරවයි.
  මත්පැන් පානය කළ වහාම ඉක්මන් කාර්ය දෙකක් සිදුවෙයි. පානයේ ඇති මධ්‍යසාර කොටස් ආමාශ බිත්ති හරහා ගමන් කර කෙලින්ම රුධිරයට එකතු වෙයි. එය බිඳ දමා ශරීරයෙන් ඉවත් කිරීමට ගෙනියන්නේ අපේ අක්මාව කරාය.ඇත්ත වශයෙන්  මධ්‍යසාර අනුව අධිශක්ති අණුවකි.  විෂ බිඳ දැමීමෙන් ශක්තිය විශාල ප්‍රමාණයක් ජනිත වෙයි.බොහෝ මත්පැන් පානය කරන්නන් එතරම් ආහාර ප්‍රමාණයක් ආහාරයට නොගනිති. එම අඩුව සපුරාලන්නේ මත්පැන් බීමෙන් ලබාගන්නා ශක්තියනි. පුරුද්දක් වශයෙන් විශාල වශයෙන් මත්පැන් පානය කරන විට අක්මාවට පැවරෙන කාර්යය ද විශාල වෙයි.මෙහි ප්‍රතිඵලය වන්නේ අක්මා සෛල අක්‍රිය වීමයි. මෙම රෝගය අවස්ථාව සිරෝසිස් ලෙස හඳුන්වනු ලැබේ.

තුවාල පිරිසිදු කිරීමට ගන්නා මත්පැන් වර්ග ඇත්ත මේවා වර්ග දෙකකි මේවා වර්ග දෙකකි පිරිසිදු ඊතයිල් මධ්‍යසාර එන්න පොලේ ඇත්තේ රෙක්ටිෆයිඩ් ස්ප්‍රීතු වශයෙනි.එහෙත් දැනට වෙළඳපොලේ වෙළඳ පොලේ බහුලව ඇත්තේ surgical සර්ජිකල් ස්ප්‍රීතු නමින් හඳුන්වන iso profile ප්‍රොෆයිල් මධ්‍යසාර යයි.එය පානය කළ නොහැක. එය තුවාල ලැබූ රෝගීන්ගේ තුවාල සුද්ද කිරීමට යොදවනු ලැබේ.එය ඊතයිල්  මධ්‍යසාරය ලඟට ඇති ඉහළ සාමාජිකයාය.විශාල පරිමාණයෙන් නිපදවන විට පිෂ්ඨය වෙනුවට වෙනත් කාර්මික ක්‍රම මගින් ප්‍රොපයිල් සහ අයිසො ප්‍රොපයිල් මධ්‍යසාර නිපදවනු ලැබේ.එය කාර්මික ද්‍රාවණයකි.බොහෝ පින්තාරු තීන්ත දියකරන වට්ටෝරුවලට ඇතුළත් වන අතර ඇතැම් ද්‍රව්‍ය දියාරු කරන වට්ටෝරු වලටත් අඩංගුවෙයි. දාඩිය ගඳ නාසක සුවඳ විලවුන් අද වෙළෙඳපොළේ ඇත.එහි ද්‍රව්‍යයක් ලෙසද අයිසො ප්‍රොෆයිල් මධ්‍යසාර යොදා ගනී.
  ඕඩිකොලොන් සඳහා යොදාගැනීමට   ප්‍රොෆයිල් මද්‍යසාරය නිර්දේශ නොකෙරේ. ඒ සඳහා යොදාගන්නේ පිරිසිදු ඊතයිල් මධ්‍යසාර පමණි. හොර මත්පැන් ලෙස එය  පානය කළ නොහැක.

උපුටාගැනීම :- පොත පත ඇසුරිනි 

ReplyForward

Leave a Reply