ඇපල් ඇටවල මාරාන්තික විෂ වර්ග තියෙනවද ?

Nutrition & Diet

Medical news today ඇසුරින්   

ඇපල් පලතුර බොහොමයක් සීත රටවල සාර්ථකව වැඩෙන ජනප්‍රිය පලතුරකි.  පලතුරක් වනවා සේම සමහර රටවල සමහර ඇපල් වර්ග  ආහාර පිසිම සඳහා ද යොදා ගනී.  ඇපල් වලින් බොහෝ ජනප්‍රිය පලතුරු බීම වර්ග ද සාදා ගනු ලැබේ. පෝෂණ විද්‍යාව අනුව  ඇපල් වල antioxidants, vitamins, and dietary fiber.  යන සංයෝග ඇති බව තහවුරු වී ඇත.

 නමුත් මෑත කාලයේදී පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේ ඇපල් ඇටවල සයනයිඩ් යන විෂ වර්ගය තා කුඩා ප්‍රමාණවලින් අන්තර්ගත බවයි. 

එංගලන්තයේ Healthline Media UK Ltd, Brighton, UK  මගින් පවත්වාගෙන යන MedicalNewsToday  වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කරන ලද ලිපියක් මගින් මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් සඳහන්ව ඇත.  මේ ලිපිය සැකසෙන්නේ එම ලිපිය ආශ්‍රිතවයි. 

ඇපල් ඇටවල amygdalin  ඉතා කුඩා ප්‍රමාණවලින් මෙම සංයෝගය ඇති බව තහවුරු වී ඇත. මෙම සංයෝගය ඇට වලට ස්වභාවිකව ලැබි ඇත්තේ රසායනික ව ඇති වන උවදුරුවලින් ආරක්ෂාවටයි. ඇටය තුල ඇති විට මෙම සංයෝගය මගින් කිසිම හානිදායක දෙයක් සිදු නොවේ. නමුත් ඇට සැපීමේදී සහ ඇටය කැඩීමේදී මෙම සංයෝගය මගින් හයිඩ්‍රජන් සයනයිඩ් hydrogen cyanide යන විෂ රසායනිකය සාදමින් කැඩී යයි. මෙම සයනයිඩ් සංයෝගය ඉතාම විෂ සහිත වන අතර අධි මාත්‍රා වලින් ශරීරයට ඇතුළු හොත් ානිදායක ප්‍රතිඵල අත්කර දෙයි. 

Amygdalin අභියෝගය සාපේක්ෂව Rosaceae යන ශාක කුලය බහුල වන අතර මෙම කුලයට අයත් අනෙකුත් පළතුරු වර්ග වන්නේ apples, almonds, apricots, peaches, and cherries  ය. 

cyanide සයනයිඩ් විෂ වීම මගින් සිදු වන්නේ කුමක්ද.

ඈත අතීතයේ සිටම සයනයිඩ විෂ රසායන ද්‍රව්‍ය  මිනිසුන් විසින් භාවිතා කර ඇති බවට  සාක්ෂි ඇත. මෙම රසායනය මගින් ශරීරයේ සෛලවලට ඔක්සිජන් ලබාදීමට බලපෑම් කරන අතර අධි මාත්‍රා වලින් ගැනීමේදී මාරාන්තික විය හැක. 

ශාක සංයෝග ආහාරයට ගැනීමේදී හෝ පානය කිරීමේදී  සයනයිඩ්  විස  වීම සිදුවිය හැක. මෙම විෂ සංයොගය මයියොක්කා වල ද ඇත. 

සයනයිඩ් විෂ වීම මඟින් සිදුවන සුලු රෝග ලක්ෂණ වන්නේ

– සාංකාව  – anxiety

– හිසරදය – headaches

– කරකැවිල්ල – dizziness

ව්‍යාකූලත්වයconfusion

අධික ලෙස විෂ වීම නිසා සිහි මද ගතිය ,  අධි රුධිර පීඩනය,  අංශභාගය  සහ කෝමා තත්ත්වයක්,  අවසානයේ දී මරණය පවා ඇතිවිය හැක( decreased consciousness, high blood pressure, paralysis, and coma. In some cases, it is fatal. 

හානිදායක රෝග ලක්ෂණ ඇතිවීම සඳහා ශ්‍ය විෂ ප්‍රමාණය ශරීරයේ බර අනුව තීරණය වේ.  කුඩා ළමුන්ට මෙය වැඩි අවදානමක් ඇත. ඇපල් ඇට මගින් විස වීම සඳහා බා ගන්නා ප්‍රමාණය ලබා ගන්නා පුද්ගලයාගේ බර ප්‍රමාණය සහ එම පුද්ගලයාගේ දරා ගැනීමේ ශක්තිය සහ ඇපල් වර්ගය අනුව වෙනස් වේ. ඇපල් වල ඇති amygdalin  ්‍රමාණය ඇපල් වර්ගය අනුව සහ පල් වගාකරන ප්‍රදේශයේ දේශගුණය අනුව ද තීරණය වේ. 

මේ නිසා ඇපල් ආහාරයට ගැනීම භයානකද 

ඇපල් ඇට කුඩා ප්‍රමාණයක් ආහාරයට ගැනීම භයානක නොවේ. 

නමුත් විශාල ප්‍රමාණ වලින් කුඩු කරන ලද හෝ කෑලි කඩලා ද ඇත විශාල ප්‍රමාණයක් ආහාරයට ගැනීම මාරාන්තික විය හැක. 2015දී  LEEDS UNIVERSITY

 විශ්වවිද්‍යාලය මගින් ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ වාර්තාව අනුව ( http://eprints.whiterose.ac.uk/81239/2/Determination_of_amygdalin_in_apple_seeds%2C_fresh_apples_and_the_processed_apple_juices%5B1%5D.pdf

මල් ඇට 1 ග්‍රෑම්  තුළ  amygdalin 1-4 mg පමණ අඩංගු  වේ. මෙම ප්‍රමාණය ඇපල් වර්ගය අනුව තීරණය වන අතර ඒ අනුව එහි ඇති සයනයිඩ් ප්‍රමාණය ඉතාම අල්ප වේ.

මාරාන්තික සයනයිඩ් මාත්‍රාව වන්නේ 50- 300 mg . ඇපල් ඇට 1 g එකක් මගින් 0.6 mg හයිඩ්‍රිජන්  සයනයිඩ්  ප්‍රමාණයක් නිදහස් කිරීමට හැකියාවක් ඇත.

මේ අනුව මාරාන්තික විසක් ඇතිවීම සඳහා එක් පුද්ගලයෙක් 83-500  දක්වා ඇට ප්‍රමාණයක් ආහාරයට ගත යුතු වේ. සරලව කිවහොත් මාරාන්තික වීම සඳහා ඇපල් අැට කෝප්පයක් පමණ ආහාරයට ගත යුතු වන අතර ඇපල් ගෙඩියක් අනුභව කිරීම මගින් කිසිදු අහිතකර තත්ත්වයක් ඇති නොවේ. මේ 

අනුව පර්යේෂකයන් ප්‍රකාශ කරන්නේ කිසිසේත්ම ඇපල් ඇට අනුභව නොකරන ලෙසත් පාන වර්ග සෑදීමේදී ඇපල් ඇට ඉවත් කරන ලෙසත්ය. 

ඇපල් ඇට ගිලීමක් සිදුවුවහොත් එහි පොත්ෙත් ඇති ඝනකම නිසා සහ අපගේ ඒන්සයිම වලට ඇති ප්‍රතිරෝධය නිසා ජීර්ණය නොවන අතර කිසිදු විස රසායන ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය කර නොගැනේ. 

දැන් අපි ඇපල් පාන වර්ග ගැන සලකා බලමු

බොහෝ විට ඇපල් පාන වර්ග සෑදීමේදී ඇට ඉවත් කිරීමක් සිදු නොකරන අතර එම නිසා යම් ප්‍රමාණයක් සයනයිට් පාන වර්ග වලට ඇතුලත් වේ. මේ නිසා වාණිජව විකිණීමට ඇති ඇපල් පාන වර්ග ගැන පර්යේෂකයන් පර්යේෂණ කර ඇත. (http://eprints.whiterose.ac.uk/81239/2/Determination_of_amygdalin_in_apple_seeds%2C_fresh_apples_and_the_processed_apple_juices%5B1%5D.pdf)

  • 0.01–0.04 mg per milliliter (ml) in pressed apple juice
  • 0.001–0.007 mg per ml in long-life apple juice

එම නිසා පර්යේෂකයන් සඳහන් කර සිටින්නේ වාණිජව විකිණීමට ඇති ඇපල් මගින් සයනයිඩ් විෂ වීමක් සිදු නොවන බවයි. අවසානයේදී පර්යේෂකයන් ප්‍රකාශ කර සිටින්නේ ඇපල් ආහාරයට ගැනීමේදී සහ පාන වර්ග සෑදීමේදී ඇපල් ඇට ඉවත් කරන ලෙසයි. 

මේ පිළිබඳව සම්පූර්ණ ඉංග්‍රීසි ලිපිය පහත වෙබ් අඩවිය මගින් බලා ගත හැක. 

(https://www.medicalnewstoday.com/articles/318706#summary

One thought on “ඇපල් ඇටවල මාරාන්තික විෂ වර්ග තියෙනවද ?

Leave a Reply