Febrile Fits උණ වලිප්පුවෙන් අපේ දරුවන් පරෙස්සම් කර ගනිමු

Pediatrics

කුඩා දරුවන් සිටින මව්වරුන්

ඇසීමට පවා අකමැති වචනයකි උන වලිප්පුව.මිනිස්සු එතරම් ම එයට බියක් දක්වනවා . නමුත් උන වලිප්පුව කියන්නේ මොකක්ද ඊට කලයුතු කුමක්ද කියා දැනුවත් නම් ඒ පිලිබඳ බිය අඩු වී යාවි.

සාමන්‍යයෙන් උනවලිප්පුව සෑදෙන්නේ මාස 6ත් අවුරුදු 5ත් අතර වයසේ දරුවන්ටයි. විශේෂයෙන්ම අධික උන සහිත අවස්ථා වලදී මෙය ඇති වේ. කුඩා දරුවන් ගේ මොලයට අධික උෂ්ණත්වය දරා ගැනීමට නොහැකි වීම මෙයට හේතුවයි.

මෙහිදී දරුවාට සම්පූර්ණ ෆිට්/ generalized fit එකක් වැලදේ.

 සිහි මුර්ජා වීම

අතපය දරදඬු වීම හා ගැස්සීම

දත කට පූට්ටු වීම

සෙම වැගිරීම

ඇස් උඩ යෑම

ඉබේ මල මුත්‍ර පිට වීම

යන රෝග ලක්ශන ඇති විය හැක.

සීයට 3 පමන දරුවන් පිරිසක් උන වලිප්පුවට ගොදුරු විය හැකි අතර ඉන් සීයට 30 කට පමණක් නැවතත් උන සමග  මේ තත්ත්වය ඇති විය හැක. මෙය භයානක තත්වයක් නොවන අතර දිගු කාලීන අතුරු ආබාධ ඇති නොකරයි. ඉතාම කලතුරකින් උන වලිප්පුවලට ගොදුරු වූ දරුවකුට පසුකාලීනව වලිප්පුව/fits ඇතිවීමේ අවදානමක් ඇත(1%).

උන වලිප්පුවෙන් දරුවන් මිය නොයන අතර බොහෝ විට නොදැනුවත්කමින් කරනු ලබන ප්‍රතිකාර හේතු කොටගෙන දරුවන් ජීවිතක්ෂයට පත් වන අවස්ථා තිබේ. බොහෝ දරුවන් මිය යෑමට ෆිට් එක ඇති අවස්තාවේ කටට දමන බෙහෙත් ,වතුර,වෙනත් දෑ පිට උගුරේ යෑම හේතු වේ  එසේම දරුවා උඩුබැලි අතට තැබීමෙන් සෙමපිට උගුරේ ගොස් ශ්වසන මාර්ගය අවහිර වීම හේතු වේ.

උනවලිප්පුව සෑදුණු සෑදුණු දරුවකු වහාම වම් ඇලයට හැරවිය යුතුය. මෙමගින්  සෙම පිට උගුරේ යෑම වැලකේ.

කිසිදු දෙයක්(හැදි,යතුරු)මුව තුලට නොදැමිය යුතුය .

ජලය ,බෙහෙත් කිසිවක් බීමට නොදිය යුතුය .

වහා දරුවාගේ ඇදුම් උනා දමා සිරුරේ උෂ්ණත්වය අඩු කිරීමට පියවර ගත යුතුය . ෆෑන් එක දැමීම,ජලයෙන් පොගවාගත් රෙදි කඩකින් සිරුර තෙතමාත්තු කිරීම මේ සදහා කල හැක.

ඉන් පසු දරුවා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ට පෙන්වා රෝගය ට ප්‍රතිකාර හා උපදෙස් ලබාගත යුතුය .

කුඩා දරුවනට උන සෑදුණු විටදී

පැනඩෝල් නිසි මාත්‍රාව ලබා දීමෙන්,සිරුර තෙතමාත්තු කිරීමෙන්, ඇදුම් උනා ෆෑන් වැදීමට සැලැස්වීමෙන් ,අහිතකර නොවන අවස්තාවලදී බෲෆන් , මෙෆෙනෙමික් ඇසිඩ් වැනි බෙහෙත් නිසි මාත්‍රාව ලබා දීමෙන් සිරුරේ උෂ්ණත්වය පාලනය කර ගැනීමෙන් උන වලිප්පුව වැලදීමත්, නැවත හට ගැනීමත් වලක්වාගත හැක. එසේම උනට හේතු වූ රෝගයට නිසි ප්‍රතිකාර ඉක්මනින් ලබා දීමද වැදගත්‍ ය.

By Dr. Janaki Piyadasa MBBS


Leave a Reply