චීන ඌරු ගොවිපළවල මතුවන නව වෛරසයක් වසංගතයක් බවට පත්වීමේ අවදානමක්.

Infectious Diseases

BY Marketwatch.com, Translated by Wijaya Sri Bandara

1918 ස්පාඤ්ඤයේ ඇති වූ දරුණු උණ රෝගයෙන් පසු ලෝකය කොරෝනා මාරයා යන දරුණුතම වසංගතයක් සමඟ පොරබදමින් සිටින විට චීනයේ නැගී එන නව උණ රෝගයක් ගැන විද්‍යාඥයින්ගේ  යන්ගේ අවධානයට  ලක් වී ඇත.

චීන පර්යේෂකයන් පිරිසක් විසින් ඌරන්ට ආසාදනය නව ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදයක් හඳුනාගෙන ඇති අතර එය 2009 වසංගතයට හේතු වූ සූකර උණ හෙවත් H1N1  හි ලක්ෂණ ඇත.

පර්යේෂකයෝ මේ සතිය මුලදී පළකරන ලද කරන ලද විද්‍යා සඟරාවක් වන ප්‍රොසීඩිංස් ඔෆ් ද සයන්ස් (Proceedings of the National Academy of Sciences, or PNAS,) වික්ටර් වාර්තාවක් ලියමින් කියා සිටින්නේ වෛරසය හඳුනාගෙන ඇති අතර එය flu — G4 EA H1N1 බවත් එය H1N1වලට සමාන කමක් දක්වන අතර මිනිසුන්ට ද වැළඳිය හැකිය. 

2011 සිට 2018 දක්වා විවිධ පළාත්වල චීන ඌරුගහනය පිළිබඳව පර්යේෂණ සිදු කළ විද්‍යාඥයින්, නව උණ රෝගය ද වසංගතයක් බවට පත්වීම සඳහා අවශ්‍ය කරන සියලු ගුණාංගවලින් සමන්විත බව හෙළිකරයි.

“G4 වෛරස් වලට අපේක්ෂක වසංගත වෛරසයක අත්‍යවශ්‍ය ලක්ෂණ තිබේ” යනුවෙන් එම පර්යේෂණ වාර්තාවේ සඳහන් වේ. “G4 EA H1N1 වෛරස් පාලනය කිරීම අත්‍යවශ්‍ය බව හා මිනිස් ජනගහනය සමීපව අධීක්ෂණය කිරීම, විශේෂයෙන් සූකර කර්මාන්තයේ නියුතු කම්කරුවන් සදහා වහාම ක්‍රියාත්මක කළ යුතුය” යනුවෙන් පර්යේෂකයෝ ලියා තිබේ.

එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන මෙම උණ නිර්වචනය කරන්නේ මෙය type A influenza viruses මගින් ඌරන් සඳහා නිතර වසංගතයක් ලෙස වැළඳෙන ස්වසන  රෝගයක් ලෙස යවැළඳෙන ස්වසන රෝගයක් ලෙසය. 

දෙසැම්බර් මාසයේදී චීනයේ වුහාන් හිදී ප්‍රථම වරට හඳුනාගත් COVID-19 ශ්වසන රෝගයට හේතු වන කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක්  වන SAR-COV2 සමඟ ලෝකය කටයුතු කරන විට මතුවෙමින් පවතින රෝගයක් පිළිබඳ කතාබහක් ඇති වේ.

ලොව පුරා COVID-19 රෝගීන් මිලියන 10 කට වඩා තහවුරු වී ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 507,014 ක් මියගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් ලබාගත් දත්ත වලට අනුව. මිලියන 2.6 ක් සහ මරණ සංඛ්‍යාව 126,360 ක් වන එක්සත් ජනපදය අඛණ්ඩව ලොව ඉදිරියෙන් සිටී. අද උදෑසන වන විට මේ දත්ත තවත් වෙනස් වීමට හැක

අඟහරුවාදා, එක්සත් ජනපදයේ ඉහළම බෝවන රෝග විශේෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි, නීති සම්පාදකයෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, “2009 දී මෙන් අපට තවත් සූකර උණ වර්ගයක් පැතිරීමේ දරුණු අවදානමක් ඇති බව කියා තිබේ.”

COVID-19 වසංගතයේ තත්වය පිළිබඳව සෙනෙට් කමිටුවකට සාක්කි දෙමින් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ “එය තවමත් බරපතළ මට්ටම පිළිබඳව අධ්‍යනය කරමින් පවතී. ෆවුසි පැවසුවේ  මෙම දරුණු උණ රෝගය  “ඔබ ආසාදන දකින ක්ෂණික තර්ජනයක් නොවන නමුත් එය 2009 දී සූකර උණ ඇතිවීමත් සමඟ අප කළ ආකාරයටම අපගේ අවධානයෙන් සිටිය යුතු දෙයක්” බවයි. එසේ අප අවධානයෙන් සිටියහොත් ෙම අනාගත ව්‍යසනයෙන් ගැලවිය හැකි බව ඔහුගේ මතයයි. 

උපුටා ගැනිම -https://www.marketwatch.com/story/a-new-virus-emerging-in-chinese-pig-farms-has-the-essential-hallmarks-for-a-pandemic-2020-07-01

Leave a Reply