ජීවිතයට ඉතාමත් වැදගත්කොලෙස්ටරෝල් මිත්‍යාව

Heart Diseases
0
0

උපුල් සිරිවර්ධනෙග් මුහුණු ෙපාෙතන් උපුටාගන්නා ලදි

කොලෙස්ටරෝල් ගැන අපි බොහෝ වාර ගණනක් කතා කලා මතක ඇති. ඒත් මට නැවතත් ටිකක් ආවර්ජනය කරන්නට සිතුනා මොනාද මේ කොලෙස්ටරෝල් කියන්නේ කියලා. කොලෙස්ටරෝල් ධමණි බිත්ති වල තැන්පත් වෙනවා. අපි කොලෙස්ටරෝල් චෙක් කරන්නට රුධිරය ලබා ගන්නේ ශිරාවකින්. කිසි විටක අපි ධමණියක රුධිරය පරික්ෂා කරන්නේ නැහැ. මේ ශිරාවේ ඇති රුධිරයේද LDL / VLDL / HDL / Triglyceride වගේ සියලුම කොටස් අඩංගු වෙනවා. නමුත් අපි කවදාවත් අහලා නැහැ ශිරාවක කොලෙස්ටරෝල් තැන්පත් වෙලා හෘදරෝග ඇතිවුන අවස්ථාවක්. කිරීටක ධමණි නැත්නම් Coronary Artery තමයි බ්ලොක් වෙන්නේ. ඔබ මේ ගැන අවධානය යොමු කර තියෙනවාද? 
ධමණි වල කොලෙස්ටරෝල් තැන්පත් වෙන්නත් ශිරා වල තැන්පත් නොවෙන්නත් හේතුවක් තිබිය යුතුයි නේද? මෙය කුමක් විය හැකිද? මේ හේතුව සොයා ගත්තා නම් අපිට කොලෙස්ටරෝල් වලින් මිදෙන්නට හැකි වේය කියා සිතෙන්නේ නැද්ද? කොහොම හරි මේ ගැන අපි ටිකක් සොයා බලමු. මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුලුවන්නේ. නේද? 
ධමණි වල ගෙනියන්නේ පිරිසිදු රුධිරයයි. ශිරාවල තියෙන්නේ අපිරිසිදු රුධිරයයි. ඒ කියන්නේ පෙණහලු වලින් එන සහ පෙනහලු වලට යන රුධිරය තමයි මේ කියන්නේ. ඇයි රුධිරය පෙනහළු වලට යන්නේ? ... ශිරාවල එක්වන කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරලා ඔක්ෂිජන් නැවත ලබා ගන්න කියලා අපි පොඩි කාලේ ඉදලා ඉගෙන ගත්ත නිසා මේ කතාව තේරෙනවා. අපි ප්‍රාස්වාශ කරන වාතයේ කාබන් ඩයොක්සයිඩ් වැඩියි. ඒ කියන්නේ ආස්වාශ කරන වාතයේ තියෙන ඔක්ෂිජන් ටික ලේවලට උාරාගෙන කාබන් ඩයොක්සයිඩි පිටකරලා. 
දැන් ඔබට හිතෙන්නේ නැද්ද මේ කොලෙස්ටරෝල් සහ ඔක්ෂිජන් අතර සම්බන්ධයක් තියෙන බව. ඔක්ෂිජන් සහිත පරිසරයක සිදුවන ප්‍රධානම සංසිද්ධිය තමයි ඔක්සිකරණය. නැත්නම් මළ බැදෙන එක. ඔක්ෂිජන් පරමාණු දෙකක් එකතු වෙලා තමයි O2 නැත්නම් ඔක්ෂිජන් හැදිලා තියෙන්නේ. මේක හරියට නොගැලපෙන කසාදයක් වගේ. එකම ජාතියේ දෙන්නෙක් කසාද බැදලා වගේ. ඉතිං මේ දෙන්නා සැමවිටම බලනවා දික්කසාද වෙලා තමන්ට විරුද්ධ පක්ෂයේ කෙනෙක් සොයා ගන්න. ඔන්න ඔය කාරණයේදී තමයි මේ දෙන්නා වෙන්වෙලා කාගේ හරි ඇගේ එල්ලෙන්නේ. 
ඇයි මේ අයට එකට ඉන්න බැරි කියලා සොයා බලන්න වෙනවා. හරියට පොරොන්දම් බලනවා වගේ වැඩක්මේක. පොරෙන්දම් 20 ක් ගලපනවා වාගේම පරමාණු වලත් ඉලෙක්ට්‍රෝන ගලපගන්න ඕනි. මෙහිදී අපිට ප්‍රශ්නය වෙන්නේ පරමාණුවේ අවසාන ශක්තිමට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයි. ඉලෙක්ට්‍රෝන වල තියෙන්නේ ඍණ ආකර්ෂනයක්. ඔක්ෂිජන් වල අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන 6 යි. මෙයාට තමන්ගේ සිතුම් පැතුම් ඉටු කරගන්න නම් තවත් ඉලෙක්ට්‍රෝන දෙකක් ඕනි. එතකොට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන 8 ක්වෙනවා. හරියට පවුමට ග්රෑම් අටයි වගේ තමයි. පවුමක් ලැබෙන කම් ඉතිං ඉවසිමක් නැහැ. හැබැයි මේ ඔක්ෂිජන් නම් පවුමක් ලැබුනට පසු වැඩි පුර ඉල්ලන්නේ නැහැ අපේ අය වගේ. එයා එකෙන් තෘප්තිමත් වෙලා ඉවත් වෙනවා. 
ප්‍රශ්නය තියෙන්නේ මේ අඩුව පුරවන්න අවශ්‍ය  ඉලෙක්ට්‍රෝනය ගත්තේ කොහෙන්ද කියන එකයි. ඒ නිසාම තමයි අපිට මේ කොලෙස්ටරෝල් කියලා ගැටලුවකට මුහුන දෙන්න වෙලා තියෙන්නේ. ඒ හේතුව නිසයි ශිරාවල කොලෙස්ටරෝල් තැන්පත් වන්නේ නැත්තේ. ධමණි වලම මේ වදය තියෙන්නේ. 
අල ගෙඩියක් කැපුවම, ඇපල් ගෙඩියක් කැපුවම දුඹුරු පාට වෙනවා නේද? අන්න එකට තමයි ඔක්සිකරණය කියන්නේ. වායුගෝලයේ තියෙන ඔක්ෂිජන් සෑම විටම බලනවා මේ වගේ තැනක් හමු වුනාම ඔක්ෂිකරන ක්‍රියාවලිය අරඹන්න. මේ ක්‍රියාවලියේදී තමයි මේ ඔක්ෂිජන් අර කපාපු අල ගෙඩියෙන් හරි ඇපල් ගෙඩියන් හරි ඉලෙක්ටෝන් ලබා ගන්නේ. එයාට අට ගහගන්න අපි ඉලෙක්ටෝන දෙන්න ඕනි. අනේ ඉතිං අපි හුස්ම කියලා ගන්නෙත් මෙයාවනේ. ඒකනේ ගැටලුව. ඇතුවත් බැහැ නැතුවත් බැහැ....
ධමණි දිගේත් මේ වගේ නිදහස් ඔක්ෂිජන් ගමන් කරනවා. ඒ ඔක්ෂිජන් ඉතිං තමන්ට ගැලපෙන කවුරුහරි ඉන්නවාද කියලා වටපිට බල බල තමයි යන්නේ. වැඩේ කියන්නේ අපේ සිරුරේ සෛල එකට එක බැදිලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වලින්. ධමණියේ ඇතුල් බිත්තියේ පලමු සෛල ස්ථරයට කියනවා එන්ඩොතීලියම කියලා. මේ සෛල ස්ථරය අපේ සිරුරට ඉතාමත් වැදගත්. මේ සෛල වලින් අපේ රුධිරය ඝණත්වය වැඩිවීමක් සිදු වුවහොත් නයිට්‍රික් ඔක්සයිඩ් නිකුත් කරලා රුධිර පීඩණය අඩු කරගන්නට අවශ්‍ය මග විවර කර දෙනවා. නමුත් මේ ඉලෙක්ට්‍රෝන යදින්නන්ට මේකේ වගක් නැහැ. එයාලා මේ එන්ඩොතිලියම් සෛල එකට බැදිලා තියෙන ඉලෙක්ට්‍රෝන ගලවනවා. 
අනේ දෙවියනේ දැන් මොකද වෙන්නේ. මේ වැඩේ දිගින් දිගටම වෙන්න ගියොත් ධමණි බිත්ති සිදුරු වෙලා මහා විනාශයක් වෙන්නයි යන්නේ. අපේ මොලේ මේවට ඉඩ තියන්නේ නැහැ.අනතුරක් ගැන හෝඩුවාවක් ලැබුනම ඒකෙන් ඒ තරම් ලොකු දෙයක් වෙන එකක් නැහැ කියලා අපේ මොලේ අහක බලාගෙන ඉන්නේ නැහැ අපේ සමහර අය වගේ. එයා එවේලේම ඒකට පිලියම් යොදනවා. මොකද සිදුවන්නට හැකි අපරාධය සුලුපටු නැහැනේ. අභ්‍යන්තර  රුධිර ගළනයක් සිදුවී ජීවිත හානි සිදුවිය හැකි නිසා ඉක්මන් ප්‍රතිකර්ම වෙත යොමු වෙනවා. වාසනාවකට අපගේ සිරුර තුල ඒ සිදුරු වසා දැමිය හැකි ප්ලාස්ටර් එකක් තියෙනවා. ඒක නිපදවන්නේ අක්මාවේ. ඒකට ඉංග්‍රීසි  අකුරු තුනක නමකුත් දාලා තියෙනවා. LDL (Low-Density Lipoprotein) කියලා. අක්මාවට මොළය පනිවිඩය නිකුත් කරනවාත් සමගම අක්මාව වැඩ පටන් ගන්නවා. එයා LDL නිපදවලා අදාල තැනට යොමු කරනවා ප්ලාස්ටරයක් දාල ඒ සිදුර වහන්න කියලා. ප්ලාස්ටරය එන්ඩොතිලියම් එකට යටින් තමයි දාන්නේ. මෙකද ඒ සෛල වලට කරන්න වැඩක් තියෙනවානේ. දැන් ඉතින් අර ප්‍රශ්නය අවසන්. අභ්‍යන්තර  රුධිර ගලනයක් වෙන එකක් නැහැ. 
ඒත් ඔක්ෂිජන් මේ වැඩේ නතර කරන්නේ නැහැ. එයා තව තවත් ඉලෙක්ට්‍රෝන ගලවන රාජකාරියේ යෙදෙනවා. එයා උද්දීපනය වෙනවා අපි රත් වෙනවා. දැන් මොකද වෙන්නේ, මොළය තවත් සිගනල් දෙනවා. ඉවරයක් නැහැ. මේ විදිහට දිගින් දිගටම මේ සංසිද්ධිය වන විට එක අවස්ථාවක් එනවා කොලෙස්ටරෝල් නිසා ධමණිය තුල රුධිරය ගලාගෙන යන්නට නොහැකි තත්වයක් උදා වෙන. එදාට අපිට හාට් ඇටෑක්, ස්ට්‍රෝක් හැදෙන්නට අවශ්‍ය  පාර හැදිලා අවසන්. 
දැන් මොකද කරන්නේ අපිට දොස්තර මහත්තයා දෙනවා ස්ටැටිං ඩ්‍රග්ස්. ( 𝗦𝘁𝗮𝘁𝗶𝗻𝘀, 𝗮𝗹𝘀𝗼 𝗸𝗻𝗼𝘄𝗻 𝗮𝘀 𝗛𝗠𝗚-𝗖𝗼𝗔 𝗿𝗲𝗱𝘂𝗰𝘁𝗮𝘀𝗲 𝗶𝗻𝗵𝗶𝗯𝗶𝘁𝗼𝗿𝘀, 𝗮𝗿𝗲 𝗮 𝗰𝗹𝗮𝘀𝘀 𝗼𝗳 𝗹𝗶𝗽𝗶𝗱-𝗹𝗼𝘄𝗲𝗿𝗶𝗻𝗴 𝗺𝗲𝗱𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻𝘀 𝘁𝗵𝗮𝘁 𝗿𝗲𝗱𝘂𝗰𝗲 𝗶𝗹𝗹𝗻𝗲𝘀𝘀 𝗮𝗻𝗱 𝗺𝗼𝗿𝘁𝗮𝗹𝗶𝘁𝘆 𝗶𝗻 𝘁𝗵𝗼𝘀𝗲 𝘄𝗵𝗼 𝗮𝗿𝗲 𝗮𝘁 𝗵𝗶𝗴𝗵 𝗿𝗶𝘀𝗸 𝗼𝗳 𝗰𝗮𝗿𝗱𝗶𝗼𝘃𝗮𝘀𝗰𝘂𝗹𝗮𝗿 𝗱𝗶𝘀𝗲𝗮𝘀𝗲. 𝗧𝗵𝗲𝘆 𝗮𝗿𝗲 𝘁𝗵𝗲 𝗺𝗼𝘀𝘁 𝗰𝗼𝗺𝗺𝗼𝗻 𝗰𝗵𝗼𝗹𝗲𝘀𝘁𝗲𝗿𝗼𝗹-𝗹𝗼𝘄𝗲𝗿𝗶𝗻𝗴 𝗱𝗿𝘂𝗴𝘀.) මේවාගෙන් මොකද කරන්නේ. කොලෙස්ටරෝල් නිපදවිම අවම කරනවා. දැන් ඉතිං ප්‍රශ්නය අවසන් වගේ තමයි පේන්නේ. මෙකද ලේ පරික්ෂා කලාම කොලෙස්ටරෝල් අඩුයි ඉතිං අපිටත් හරි සතුටුයි. දැන් සනීපයි කියලා හිතාගෙන ඉන්නවා. අනේ හිටපු ගමන් හුටස් ගාලා යනවා. මේ මොකද වුනේ. මෙයා හරියට බෙහෙත් බිව්වානේ. ගෙනාපු ආයුෂ තමයි. මොනවා කරන්නද කියලා අවසානයේ හිත හදාගන්නවා. 
ඔබ දන්නවාද? අපගේ ස්නායු වල පිටත කවරය සෑදී ඇත්තේ කොලෙස්ටරෝල් වලින් බව. සෛල පටලය සැදී ඇත්තේ කොලෙස්ටරෝල් වලින් බව. මොළයේ විශාල කොටසක් නිර්මාණය වී ඇත්තේ කොලෙස්ටරෝල් වලින් බව. 
ලිංගික හෝමා්න නිපදවන්නේ කොලෙස්ටරෝල් වලින් බව. 
දැන් ස්ටැටින් බෙහෙත්  වලින් කරන දේ කුමක්ද? කොලෙස්ටරෝල් නිපදවීම නවත්වන එක. එවිට මොකද වෙන්නේ..... අප ඉහත කි සියලුම පටක වලට හානි වෙනවා. සිරුර පුරා වේදනා දෙනවා. මේ වෙදනාව නිසා කේන්ති යනවා. මොළයේ පටක වලට අවශ්‍ය  කොලෙස්ටරෝල් නොමැති වීම නිසා බොහෝ විට අමතක වීම් සිදු වෙනවා. වයසට වෙන්න ඇති කියලා අපි සිත හදා ගන්නවා. ලිංගික ශක්තිය පිරිහෙනවා. සෛල නැවත නිපදවන්නට නොහැකිව සිරුර එන්න එන්න දුර්වල වෙනවා. මෙම ඖෂධ ගන්නා අය බලන්න මම මේ කියපු ටික ඔබලා අත්විදින්නේ නැද්ද කියලා. ඒවා සයිඩ් ඉෆෙක්ට්ලු. සයිඩ් ඉෆෙක්ට් එකක් නැත්නම් ඒක ඩ්රග් එකකුත් නෙවෙයිලු. අනේ මන්දා......
දැන් අපිට මේකට තියෙන පිලියම කුමක්ද? ප්‍රශ්නය ඔක්සිකරණය බව අපි මුලින්ම කිව්වා. අනේ දෙයියනේ ඉතිං ප්රශ්නය ඔක්සිකරණය නම් පිලිතුර ප්‍රතිඔක්සිකරණය නේද ?  සොබා දහම මොන තරම් සාධාරණද බලන්න. අපි ගන්නා ආහාර වල ප්‍රතිඔක්සිකාරක තියෙනවා. ඉතිං ප්‍රශ්නය අවසන් නේ. පිලිතුර ඉතාමත් සරලයි. ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර අපි දෛනිකව ගත යුතුයි මෙකද අපි දෛනිකව හුස්ම ගන්නවානේ. ඒ නිසා සතියකට වරක් ප්‍රතිඔක්සිකාරක අරං බැහැ. 
ප්‍රතිඔක්සිකාරක වලට පුලුවන් ඉලෙක්ට්‍රෝන දන් දෙන්න. එයාලා ගාව වැඩිපුර ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒවා තමයි විටමින් E.C. A වගේ ඒවා. සෙලේනියම්. කුළුබඩු වල ගොඩක් ප්‍රතිඔක්සිකාරක තියෙනවා. ප්‍රතිඔක්සිකාරක මණින ඒකකය තමයි ORAC unit (Oxygen Radical Absorbance Capacity), කියන්නේ. අපගේ ශරීරය තුලට දෛනිකව ඇතිවන මේ මංකොල්ල කෑම නවත්වන්නට ORAC ඒකක 20000 ක් අවම වශයෙන් අවශ්ය වෙනවා. වැඩි වුනාට කමක් නැහැ. අඩු වුනොත් අපි මුලින් කියපු ගැටලුව ඇතිවෙනවා. 
අපි ගන්නා ආහාර වල ඇති ORAC ඒකක ගැන පොඩ්ඩක් අවධානය යොමු කරලා බලමු. පහත ඇති සටහනේ මේ පිලිඔද විස්තර තියෙනවා. 
කුරුදු තේ හැන්දක ප්‍රමාණයක ORAC 21000 
මුරුංගා වියලි කොළ කුඩු ප්‍රමාණයක ORAC 7500
ග්‍රීන් ටී එකක ORAC 3000
කිඩ්නි බීන්   එකක ORAC 17000
මේ වගේ බොහෝම ආහාර වල තියෙනවා. ඒවා ඔබලාට අන්තර්ජාලයෙන් සොයාගන්නටත් හැකියි. මා මෙහිදී බලාපොරොත්තු වන්නේ ඔබලාව කොලෙස්ටරෝල් මිත්‍යාවෙන් මුදවා ගන්නයි. ඒ නිසා මේ ගැන තව තවත් අන්තර්ජාලය ඔස්සේ අධ්‍යයනය කරන්න.
දැන් අපි ඔක්ෂිජන් වල උගුලෙන් ගැලවෙන හැටි දන්නවා. නමුත් තවත් ගැටලුවක් තියෙනවා. ඒ තමයි ඔක්ෂිජන් පමණක් නෙවෙයි මේ ගැටලුව ඇති කරන්නේ. අපි කියනවා ඒවාට ෆ්රී රැඩිකල් නැත්නම් මුක්ත ඛන්ඩක කියලා. නමුත් ඒ අයත් කරන්නේ මේ වැඩේමයි. කාගෙන් හරි ඉලෙක්ට්‍රෝනයක් ගලවා ගන්නවා. ප්‍රශ්නය තියෙන්නේ යම් සෞඛ්‍ය සම්පන්න සෛලයක ඇති කොටසකින් මෙසේ ඉලෙක්ට්‍රෝනයක් ගලවා ගත්තොත් ඒයා ඊලගට ඉලෙක්ට්‍රෝරන ඌණතාවයකින් පෙලන අණුවක් වෙනවා. අන්න එවිට එයා තවත් මුක්ත ඛන්ඩකයක් බවට පත්වෙනවා. මෙය දිගින් දිගටම සිදුවීම නිසා මළ බැදීමේ ක්‍රියාවලියක් අපගේ සිරුර තුල ඇරඹෙනවා. මේ නිසා ශරීරයේ කොටස් දුර්වල වෙලා බොහෝමයක් ලෙඩරෝග ඇතිවෙනවා. ඒවාට මුහුන දෙන්නේ කෙසේද? පිලිතුර අප ඉහත සදහන් කරන ලද ප්‍රතිඔක්සිකාරකමයි. 
ප්‍රතිඔක්සිකාරක නොගෙන බෙහෙත් වලින්ම ලෙඩ සුව කරගන්නට යන අයට තමයි ප්‍රශ්නේ.   බෙහෙත් ගත්තේ කොලෙස්ටරොල් වලට ඒත්  දැන් දිය වැඩියාව. තව කෙනෙකුට  ආතරයිටීස්, තව කෙනෙකුට  ග්‍රැස්ට්‍රයිටීස්. තව කෙනෙකුට  හෙපටයිටීස් කියලා නානප්‍රකාර රෝග හැදෙන්නට ගන්නේ. ආහාර වලින්ම ගෙඩ යන්නට තිබුන චාන්ස් එකක් මේ විදිහට අපි නැති කරගන්නවා. 
නමුත් ප්‍රති ඔක්සිකාරක නොමැතිවීම නිසා යම් කෙනෙක් රෝගී තත්වයකට පත් වෙලා ඇත්නම් ඔවුන්ට සුදුසුම ප්‍රතිකාරයක් තමයි කන්ගන් වෝටර්. (Kangen Water).
𝗞𝗮𝗻𝗴𝗲𝗻 𝗺𝗲𝗮𝗻𝘀 "𝗿𝗲𝘁𝘂𝗿𝗻 𝘁𝗼 𝗼𝗿𝗶𝗴𝗶𝗻" 𝗶𝗻 𝗝𝗮𝗽𝗮𝗻𝗲𝘀𝗲. 𝗞𝗮𝗻𝗴𝗲𝗻 𝗪𝗮𝘁𝗲𝗿® 𝗶𝘀 𝗮𝗹𝗸𝗮𝗹𝗶𝗻𝗲 𝘄𝗮𝘁𝗲𝗿 𝗽𝗿𝗼𝗱𝘂𝗰𝗲𝗱 𝗯𝘆 𝗘𝗻𝗮𝗴𝗶𝗰'𝘀 𝗮𝗹𝗸𝗮𝗹𝗶𝗻𝗲 𝗶𝗼𝗻𝗶𝘇𝗲𝗿 𝗮𝗻𝗱 𝘄𝗮𝘁𝗲𝗿 𝗳𝗶𝗹𝘁𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝗺𝗮𝗰𝗵𝗶𝗻𝗲𝘀. ... 𝗧𝗵𝗲𝘀𝗲 𝗺𝗮𝗰𝗵𝗶𝗻𝗲𝘀 𝗰𝗮𝗻 𝘁𝗿𝗮𝗻𝘀𝗳𝗼𝗿𝗺 𝘆𝗼𝘂𝗿 𝗼𝗿𝗱𝗶𝗻𝗮𝗿𝘆 𝘁𝗮𝗽 𝘄𝗮𝘁𝗲𝗿 𝗶𝗻𝘁𝗼 𝗵𝗲𝗮𝗹𝘁𝗵𝘆, 𝗳𝗿𝗲𝘀𝗵 𝘁𝗮𝘀𝘁𝗶𝗻𝗴 𝗮𝗹𝗸𝗮𝗹𝗶𝗻𝗲 𝗱𝗿𝗶𝗻𝗸𝗶𝗻𝗴 𝘄𝗮𝘁𝗲𝗿.
මම අපේ ගල්කිස්සේ ඔෆිස් එකට කන්ගන් වෝටර් මෙෂින් එකක් අරං දුන්නා. අනේ වැඩ කරන අයවත් හරියට බොන්නේ නැති පාටයි. අපරාදේ. තමන් ගාව තියෙන දේ ගැන කොහොමත් අගයක් නැහැනේ. ඒ නිසා වෙන්න ඇති. තමන්ගේ බිරිදට වඩා අනෙක් අය ලස්සනයි කියලා බොහෝ පිරිමින්ට හිතෙනවාලු.😀😀😀
ඊට අමතරව කරන්නට ඇති තවත් දෙයක් තියෙනවා. ඒ තමයි ආශ්වාසයෙන් එන ඔක්ෂිජන් වලට වඩා වැඩි සතුරෙක් අපි කන ආහාර වල ඉන්නවා. ඒ තමයි කෘෂි රසායන. ඒවාගෙන් දුරස් වන ආකාරයක් සකසා ගන්න ඕනි. 
එළවලු සෝදන භාජනයට දෙහි ගෙඩියක්, විනාකිරි කෝප්ප බාගයක් , ලුණු මෙිස හැනිදක් එක්කරලා හොදට සේදෙන්න පැය බාගයක් විතර තියන්න. දැන් පිරිසිදු වතුරෙන් සෝදලා උයන්නට ගන්න. 60% කවිතර කෘමිනාශක වලින් බේරෙන්න පුලුවන්. Something is better than nothing කියලා කියනවානේ. ඒ නිසා මේහෙමවත් කරන්න. ඊට අමතරව පහත කෑම කන එක නතර කරන්න.
පාන් පිටි
ගැඔුරු තෙලේ බදින කෑම
බාබකිව්
නයිට්‍රේට් සහිත කෘතිම මස් වර්ග
කාබනේටඩ් බීම වර්ග
මාගරින්
සුදු සිනි
දැන් මේ ආහාර වලින් වැලකිලා ප්‍රතිඔක්සිකාරක සහිත ආහාරත් දෛනිකව ගන්නවා නම් ඔබට අපි අර කියපු ඔක්සිකරන ගැටලුව පහව යනවා. ඉතිං මේකත් මොලේ බලාගෙන ඉන්නේ. කලබලයක් නැත්නම් ඉතිං බැරියර් දාගෙන ඉන්න ඕනි නැහැනේ. නිකං බොරුවට පේන්න වාහන ගොඩක් වටේ තියාගෙන යන්න වෙන්නේ ජීවිත තර්ජනයක් තියෙන අයටනේ. එහෙම නැත්නම් ඉතිං පාරේ පයිං හරි යන්න පුලුවන් වාතාවරනයක් තියෙන්න ඕනි. මේක මොළය දන්න නිසා අක්මාවට පණිවිඩයක් යවනවා ආ දැං අර ගැටලුව නැහැ. දැන් ඉතිං අර දාපු ප්ලාස්ටර් ටික ගලවලා දාන්න කියලා. ඉතිං අක්මාවත් මොකද කරන්නේ HDL කියලා කැප්සියුල් එකක් හදලා රුධිරයට මුදා හරිනවා. ඒ කැප්සියුල් එකක් අර කොලෙස්ටරෝල් ඇති තැනට ගිහින් ප්ලග් වෙලා ඒ කොලෙස්ටරෝල් ටික උරලා ගන්නවා. ඉන්පසු නැවතත් ඒ ටික අක්මාවටම ගිහින් බාර දෙනවා. මේ විදිහට HDL විසින් LDL / VLDL ඉවත් කරනවා. 
අපි මොකද කරන්නේ. LDL / VLDL විනාශ කරන්න බෙහෙත් හොයනවා. HDL වැඩියෙන් හදන්න පුලුවන් කෑම සොයනවා. මෙන්න මේ මිත්‍යාවෙන් ඔබ ගැලවුනොත් රෝග සිය ගණනකින් ඔබ ගැලවෙනවා. 
මේ ගැන දීර්ඝ වශයෙන් අපගේ වෙබ් අඩවියේ කතා කර තියෙනවා. ඒවා කියවා බලා දැනුම ලබා ගන්න. පහත ලින්ක් එකේ තියෙනවා බලන්න.
https://nittaa.com/...
යම් ධනාත්මක වෙනසක් ඇති කල හැකි යැයි සිතෙනවා නම් තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරාගත හැකි යැයි සිතෙනවා නම් share කරන්න. තව අය කියවාවි. අවම වශයෙන් ඔබගේ යහලුවන් 10 දෙනෙකුවත් දැනුවත් කරන්න. 
පෙර ලිපි වල ඔබට තිබූ ප්‍රශ්න කිහිපයකට එතුමා මෙසේ උත්තර සපයා තිබුනා.
1. ශිරාවල කොලෙස්ටරෝල් නිපදවන්නේ නැතිනම් ශිරාවකින් ලේ අරං පරික්ෂා කල විට කොලෙස්ටරෝල් ඇති බව සටහන් වන්නේ කෙසේද?
ධමණි වල හෝ ශිරාවල කොලෙස්ටරෝල් නිපදවන්නේ නැහැ. නිපදවන්නේ අක්මාවේ. මේ නිසා ධමණි වලත් ශිරා වලත් ගමන් කරන රුධිරයේ කොලෙස්ටරෝල් තියෙනවා. එසේ තිබුනත් කොලෙස්ටරෝල් තැන්පත් වන්නේ ධමණි වල බිත්ති වලට පමණයි. ඊට හේතුව ඔක්සිකරණයයි.ශිරාවල ඔක්සිකරණ ක්රියාවලිය සිදු වෙන්නට අවශ්ය ඔක්ෂිජන් නැහැ. එහි තියෙන්නේ කාබන් ඩයෝක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් ඇති විට ඔක්සිකරණය නවතිනවා.
2.3. ඇටෝවා ස්ටැටින් කියන්නේ ඔබ කියන ස්ටැටින්මද?
ඔබ කියලා තියෙන බෙහෙතෙත් ස්ටැටින් කියලා තියෙනවා. ඒවා තමයි මම කිව්වේ. මේවා කොලෙස්ටරෝල් වලට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. මම මෙහිදී කියන්නට උත්සහ කලේ අපි අනවශ්‍යයි කියලා ඉවත් කරන්නට හදන කොලෙස්ටරෝල් මගින් තමයි මුලින්ම අපගේ ජිවිතය බේරන්නේ. අපේ නිවැරදි ආහාර රටාවක් නැති නිසා තමයි පසු කාලීනව මේ ආරක්ෂිත ක්‍රමවේදයම අපගේ ජීවිතයට තර්ජනයක් වෙන්නේ. එවැනි අවස්ථාවකදී ඉතා වැඩි ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් ලබා ගත යුතු වෙනවා අනතුර ඉක්මනින් පහකර ගන්නට. සාමාන්‍යයෙන්  කන්ගන් වෝටර් වලින් සති දෙකක පමණ කාලයක් තුලදී මෙම ගැටලුව විසදෙන බව අපි දැක තිබෙනවා. ඒ නිසයි මා ඒ ගැන ලිපියේ සටහන් කලේ.
4. රුධිර පරීක්ෂාවක් නොකර තමන්ගේ රුධිරයේ කොලෙස්ටරෝල් ඇති බව දැනගන්නේ කෙසේද?
කොලෙස්ටරෝල් තමන්ට බලපෑමක් කරනවා කියලා කලින්ම දැනගත හැකි ක්රමය තමයි පිරිමින්ට ලිංගික බෙලහීනතාවය ඇතිවීම. කිරීටක ධමණියෙන් බාගයක් පමණ සයිස් එකක් තමයි ලිංගයට රුධිරය සපයන ධමනියට තියෙන්නේ. මේ නිසා කිරීටක ධමණියේ කොලෙස්ටරෝල් 25% ක් බැදෙන විට ලිංගික ධමණි (cඅවෙර්නොඋස් අර්ටෙර්ය්) වල 50% ක ප්‍රමාණයක් බ්ලොක් වෙනවා. ඉතිං ලිංගේන්ද්‍රයට රුධිරය සපයන්නට අපහසු වෙනවා. මේ නිසාම වැඩි වොලාවක් ගත වෙනවා ප්‍රාණවත් වන්නට. මේ කාලය තුල මානසිකත්වය වෙනස් වීම තමයි ලිංගික බෙලහීනතාවයේ මූලික හේතුව. මේ නිසා සාමාන්‍යයෙන්  පිරිමි කෙනෙකුට නම් හෘදයාබාධයක් එන්නට වසර 10 කට පමණ පෙර ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙනවා.
මෙය නයන තේනුවර මහතාගෙන් උපුටා ගන්නා ලදී…